සා.පෙළ විභාගයට සෞඛ්‍ය අනිවාර්ය කෙරේ

අ.පො.ස (සා.පෙළ) විභාගයට සෞඛ්‍ය විෂය අනිවාර්ය කෙරේ

by Staff writer 06-06-2018 | 3:32 PM

COLOMBO (News 1st) - අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට සෞඛ්‍ය විෂය අනිවාර්ය කිරීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.

කැබිනට් සමප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ගෙන ආ යෝජනාවකට අනූව එම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි. ඒ, අද පැවැත් වූ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.