2015 විද්‍යාපීඨ සිසුන් බඳවා ගැනීම අද ඇරඹේ

2015 විද්‍යාපීඨ සිසුන් බඳවා ගැනීම අද ඇරඹේ

by Staff writer 05-06-2018 | 10:34 AM

COLOMBO (News 1st) - 2015 වර්ෂයේ උසස් පෙළ ප්‍රතිඵල මත විද්‍යාපීඨ සිසුන් බඳවා ගැනීම අද ආරම්භ වේ.

විද්‍යාපීඨ කොමසාරිස් කේ. එන්. බණ්ඩාර මහතා සඳහන් කළේ, මෙවර සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වූ සිසුන් 4756 ක් ලියාපදිංචි කිරීමට නියමිත බවයි. මෙවර අයැදුම්පත් 32000 කට අධික ප්‍රමාණයක් අපේක්ෂකයින්ගෙන් ලැබුන බවත් ඉන් 12000 කට අධික තෝරාගත් පිරිසක් සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලැබූ බව ද කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. මෙවර විද්‍යාපීඨ සඳහා බඳවා ගන්නා සිසුන්ගෙන් වැඩි ප්‍රමාණයක් ප්‍රාථමික අංශය සඳහා යොමු කෙරෙනු ඇති. දිවයිනපුරා පාසල්වල ප්‍රාථමික ගුරුවරුන් සඳහා විද්‍යාපීඨ සිසුන් 1500 ක් පමණ බඳවා ගන්නා බව ද කොමසාරිස්වරයා සඳහන් කළේ ය. 2015 වර්ෂයේ උසස් පෙළ ප්‍රතිඵල මත විද්‍යාපීඨ සිසුන් බඳවා ගැනීම හෙට දිනයේ ද සිදු කෙරෙනු ඇත.