සෞදියේ කාන්තාවන්ට රියැදුරු බලපත්‍ර නිකුත් කරයි

සෞදි අරාබිය ප්‍රථම වරට එරට කාන්තාවන්ට රියැදුරු බලපත්‍ර නිකුත් කරයි

by Staff writer 05-06-2018 | 6:37 PM

(News 1st) - සෞදි අරාබිය ප්‍රථම වරට එරට කාන්තාවන් සඳහා රියැදුරු බලපත්‍ර නිකුත් කර තිබේ.

ඒ අනුව මුල්වරට කාන්තාවන් 10 දෙනෙකු සිය විදේශික රියැදුරු බලපත්‍ර, සෞදි අරාබි රියැදුරු බලපත්‍ර බවට පත් කර ගත්තේ කාන්තා රියැදුරන් වෙනුවෙන් පැනවූ තහනම ඉවත් කිරීමට සති කිහිපයක් තිබියදී ය . සෞදි අරාබිය එරට කාන්තාවන්ට රිය පැදවීමට අවසර ලබා දෙමින් අත්සන් කළ නීතිය ලබන 24 වැනි දින සිට ක්‍රියාත්මක වීමට නියමිත ය.