සෙරීනා ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවතට

සෙරීනා විලියම්ස් ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවතට

by Staff writer 05-06-2018 | 11:31 AM

COLOMBO (News 1st) - හිටපු ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකා අමෙරිකාවේ සෙරීනා විලියම්ස්ට ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත්වීමට සිදු විය.

ඒ, ඇය ආබාධයකට ලක්වීම හේතුවෙනි. ලොව ප්‍රධාන පෙලේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලියක් වන ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය පැරිස්හිදී මේ දිනවල පැවැත් වෙනු ඇත. සෙරීනා විලියම්ස් මෙලෙස ආබාධයකට ලක්වී ඇත්තේ, රුසියාවේ මාරියා ශරපෝවා සමග කාන්තා ඒකල අංශයේ අවසන් 16 දෙනාගේ වටයේ පැවැති තරගයකදීය. ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවය 23වරක් දිනාගෙන ඇති සෙරීනා මෙවර ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියට සහභාගී වුනේ සිය දරු ප්‍රසූතියෙන් පසුවයි. ශරපෝවා සමග තරගය අතරතුර තමන් පාදයේ ආබාධයකට ලක් වූ බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෙරීනා ප්‍රකාශ කළා ය. සෙරීනා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, තමන් මෙම ආබාධය සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් බවත් ඉදිරි ටෙනිස් තරගාවලි සඳහා සිය සහභාගීත්වය මෙම අබාධය සුවවීම මත පවතින බවයි. ආබාධය සුව වන තුරු සෙරීනා ප්‍රංශයේ රැඳී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.