by Chathuranga Rajapaksha 05-06-2018 | 6:52 PM
(News 1st) - මලයාසියානු මහ බැංකු අධිපතිවරයා ධූරයෙන් ඉල්ලා අස්වීමට එකඟත්වය පල කර තිබේ.
එම වාර්තාවල දැක්වෙන්නේ මේ වනවිට ඔහුගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් සාකච්ජා කෙරෙන අතර හෙට දින ඔහු ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව ය.
මහ බැංකුව ඉඩමක් අලෙවියෙන් ඉපැයූ අමෙරිකානු ඩොලර් මිලියන 520 ක මුදලක්, මලයාසියානු සංවර්ධන අරමුදලේ සිය ණය මුදල් පියවීමට හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් භාවිත කළ බව මීට පෙර එරට මාධ්‍ය වාර්තා කර තිබුණි .
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මලයාසියානු මහ බැංකු අධිපති මහමුද් ඊබ්‍රාහිම්ගේ ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතුවන්නේ එය බව ය.
මලයාසියානු සංවර්ධන අරමුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන ගණනක මුදල් වංචා කළ බවට නජීබ් රසාක්ට චෝදනා එල්ල විය.