නිරිත දිග මෝසම සක්‍රිය වෙයි

නිරිත දිග මෝසම සක්‍රිය වෙයි: මුහුදේ සුළං වේගය ඉහළට

by Staff writer 05-06-2018 | 7:46 AM

COLOMBO (News 1st) - නිරිත දිග මෝසම සක්‍රියවීම හේතුවෙන් ඉදිරි දිනවල දිවයින අභ්‍යන්තරයේ හා දිවයින වටා මුහුදේ සුළං වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පළාත් රැසකට මිලිමීටර් 75 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බව ද අද අලුයම නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වේ. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චතුෂ්කා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවේ, ඒ පිළිබඳව ධීවර හා නාවික ප්‍රජාවට විමසිලිමත් වන ලෙසයි.