නියෝජ්‍ය කතානායක ධුරය ආනන්ද කුමාරසිරිට

නියෝජ්‍ය කතානායක ධුරය ආනන්ද කුමාරසිරිට

by Chathuranga Rajapaksha 05-06-2018 | 4:48 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ලෙස ආනන්ද කුමාරසිරි මහතා තේරී පත්විය.

කුමාරසිරි මහතා තේරී පත් වූයේ පාර්ලිමේන්තුවේ පැවති රහස් ඡන්දයෙනි. නියෝජ්‍ය කතානායක ධුරය සඳහා නම් දෙකක් යෝජනා විය. ඒ ආනන්ද කුමාරසිරි මහතාගේ නම ආණ්ඩු පක්ෂයෙන් යෝජනා කළ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ශවයෙන් සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියගේ නම ඒ සඳහා යෝජනා විය. අනතුරුව නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත් කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට කතානායකවරයා තීරණය කළේය. ඒ අනුව රහස් ඡන්දයේදී ආනන්ද කුමාරසිරි මහතාට ඡන්ද 97ක් හිමි වූ අතර සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියට හිමි වූයේ ඡන්ද 53ක් පමණි. එක් ඡන්දයක් ප්‍රතික්ෂේප විය.