ට්‍රම්ප් හා උ. කොරියා නායක සමුළුවට දින නියම වෙයි

ට්‍රම්ප් හා උ. කොරියා නායක සමුළුවට දින නියම වෙයි

by Staff writer 05-06-2018 | 6:54 AM

COLOMBO (News 1st) - අමෙරිකානු ජනපතිවරයා සහ උතුරු කොරියානු නායකයා අතර සමුළුව මෙමස 12 වන දා සිංගප්පූරු වේලාවෙන් උදෑසන 9.00 පැවැත්වීමට තීරණය කර තිබේ.

දෙරට අතර සමුළුව පැවැත්වීමට මෙලෙස තීරණය කර ඇත්තේ, උතුරු කොරියානු ධූත පිරිස විසින් අමෙරිකානු ජනපතිවරයා හමුවී දින 3 කින් අනතුරුවයි. සමුළුව මීට පෙර අවලංගු කර තිබුණ ද අමෙරිකානු ජනපතිවරයා විසින් එය නැවතත් ප්‍රකාශයට පත් කර තිබේ. තවදුරටත් සබඳතා ගොඩනගමින් ඉදිරියටම යා යුතුබව උතුරු කොරියානු ධූත පිරිස විසින් අමෙරිකානු ජනපතිවරයා වෙත ලබා දුන් ලිපියේ සඳහන්ව ඇතැයි ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් පවසා ඇත. කෙසේ වෙතත් ඇය වැඩිදුරටත් කියා සිටියේ, උතුරු කොරියාව බලවත් රාජ්‍ය බවත් ඔවුන් න්‍යෂ්ටික අවිහරණය කරන තුරු අමෙරිකාව විසින් උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක ඉවත් නොකරන බවයි.