ඇඳුම් නිෂ්පාදන ආයතනයක හටගත් ගින්න පාලනය කෙරේ

කොළඹ ඇඳුම් නිෂ්පාදන ආයතනයක හටගත් ගින්න පාලනය කෙරේ

by Staff writer 05-06-2018 | 10:07 AM

COLOMBO (News 1st) - කොළඹ රොස්මිඩ් පෙදෙසේ ඇඳුම් නිෂ්පාදන ආයතනයක හටගත් ගින්න මේ වන විට මැඩපවත්වා තිබේ.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, අද උදෑසන 4.30 ට පමණ හටගත් එම ගින්න පාලනය ජල බවුසරයක් සහ ගිනි නිවීම් සේවා රථ එකක් යොමු කළ බවයි. ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක කෙරෙනු ඇත. ගින්නෙන් එම ආයතනයට දැඩි ලෙස අලාභහානි සිදුව ඇති අතර කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත.