හානී අල් - මුල්කි ධූරයෙන් ඉවතට

ජෝර්දාන අග්‍රාමාත්‍ය හානී අල් - මුල්කි ධූරයෙන් ඉවතට

by Hashini De Mel 04-06-2018 | 7:04 PM

ජෝර්දාන අග්‍රාමාත්‍ය හානී අල් - මුල්කි ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ, රජයේ ආර්ථික ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් දින ගණනාවක සිට එරට වැසියන් කලහාකාරී විරෝධතාවල නිරතවීම හේතුවෙනි. රජයේ ආර්ථික ප්‍රතිපත්ති දැඩිව විචේනය කරමින් ජෝර්දාන වැසියන් දින 5ක් පුරා අම්මාන් අගනුවර විරෝධතාවල නිරත විය. බදු වැඩි කිරීමේ ආසන්නතම හේතුව ලෙස ජනතාව කෝප වී ඇත්තේ, ඉන්ධන මිල වැඩි කිරීම වන අතර සියලු භාණ්ඩ මත බදු ඉහළ දමමින් රටේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව මත බර පටවන බවට විරෝධතාකරුවන් චෝදනා කරති.