ශ්‍රීලනිප නව මහලේකම් ලෙස රෝහණ ලක්ෂ්මන් වැඩ භාරගනී

ශ්‍රීලනිප නව මහලේකම් ලෙස රෝහණ ලක්ෂ්මන් වැඩ භාරගනී

by Hashini De Mel 04-06-2018 | 5:24 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම් සහ ජාතික සංවිධායක අද සිය ධූරයන්හි වැඩ භාරගනු ලැබුවේ ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම් ලෙස පත් කෙරුණු මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අද සිය ධූරයේ වැඩ භාරගනු ලැබුවේ කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදීයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ලෙස පත් කෙරුණු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ද අද දින සිය ධූරයේ වැඩභාරගනු ලැබීය. එම අවස්ථාවන්ට අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හා පක්ෂයේ ජ්‍යේෂ්ඨ සාමාජිකයින් රැසක් ද එක් ව සිටියහ.