රත්නපුර - නිවිතිගල ප්‍රධාන මාර්ගය වසා දැමේ

රත්නපුර - නිවිතිගල ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දැමේ

by Hashini De Mel 04-06-2018 | 5:49 PM

COLOMBO (News 1st) - රත්නපුර - නිවිතිගල ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ සබරගමු පළාත් අධ්‍යක්ෂ ජී. ඩි. කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ, කම්බදොළ පාලමේ මතුව ඇති ගිලා බැසීමේ අවදානමක් හේතුවෙන් එම පියවර ගත් බවයි. පාලම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සතියක පමණ කාලයක්ගත වන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මාර්ගය වසා දැමීම හේතුවෙන්, මතුගම, අගලවත්ත, කලවාන ඇතුලු ප්‍රදේශ වෙත ගමන් කිරීමට බාධා මතුව ඇති අතර ඒ සඳහා විකල්ප මාර්ග ලෙස රත්නපුර පළවෙල හරහා කරවිට දක්වා ගමන් කළ හැකි බව ද අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ ය. මීටර් 100 ක පමණ දිගින් යුක්ත එම පාලම බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් ඉදිකරන ලද්දක් බව ද මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ය.