රජයේ රෝහල්වලටත් ඊ චැනලින්

රජයේ රෝහල්වලටත් ඊ චැනලින්

by Hashini De Mel 04-06-2018 | 6:37 PM

COLOMBO (News 1st) - රජයේ රෝහල් සඳහා ද ඊ චැනලින් සේවාව හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතයාතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා ප්‍රකාශ කළේ, එහි පළමු අදියර දොම්පේ රෝහලෙන් ආරම්භ කළ බවයි. අදියර කිහිපයක් යටතේ, සියලු රෝහල් සඳහා එම ක්‍රමවේදය හඳුන්වාදීමට පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේ ය. සභාපතිවරයා සඳහන් කළේ, මෙම ක්‍රමවේදය යටතේ, රෝහල්වල පවතින තදබදය අවම කිරීමට අපේක්ෂා කරන බවයි.