බෝගොල්ලාගමගේ බිරිඳ හා දියණිය අධිකරණයට භාරවෙති

බෝගොල්ලාගමගේ බිරිඳ හා දියණිය අධිකරණයට භාරවෙති

by Sagarika Chathumali 04-06-2018 | 1:44 PM
COLOMBO (News 1st) : නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට භාර වූහ. මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය මීට පෙර නියෝග කර තිබිණ. ඒ, කාන්තාවකට පහරදීමට තැත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනි. නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණය වෙත භාර වූ මොවුන් දෙදෙනා රැපියල් ලක්ෂය බැගින් වු ශරිර ඇප මත මුදා හැරිණ.