නි. කතානායක අසුන කාට ද?

නි. කතානායක අසුන කාට ද?

by Staff writer 04-06-2018 | 12:03 PM
COLOMBO (News 1st) : නියෝජ්‍ය කතානායක ධුරය සඳහා නම් කිහිපයක් ඉදිරිපත් වුවහොත් ඒ සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට සිදුවනු ඇතැයි, පාර්ලිමේන්තු වාර්තා පවසයි. එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, එහෙත් මේ වන තෙක් කිසිදු පක්ෂයකින් ඒ සඳහා නම් ඉදිරිපත්ව නොමැති බවයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සඳහා හෙට දිනයේදී නව නියෝජ්‍ය කතානායකවරයෙකු පත් කිරීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය හිස්වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදෙමින් තිලංග සුමතිපාල මහතා ආණ්ඩුවෙන් මෙන්ම නියෝජ්‍ය කතානායක ධූරයෙන් ද ඉවත්වීමෙන් පසුවයි. නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ ඉල්ලා අස්වීම, හෙට දිනයේදී නිල වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දෙන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ ය.