දකුණේ පැතිරෙන වෛරසය ඉන්ෆ්ලුවෙන්සා A බවට තහවුරු වේ

දකුණේ පැතිර යන වෛරසය ඉන්ෆ්ලුවෙන්සා A බවට තහවුරු වෙයි

by Hashini De Mel 04-06-2018 | 8:26 PM

COLOMBO (News 1st)-දකුණු පළාතේ පැතිර යන උණ රෝගය ඉන්ෆ්ලුවෙන්සා A ඛාණ්ඩයේ වෛරසයකින් ඇති වන බව මේ වන විට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

පසුගිය සති තුනක කාලය තුළ මේ හේතුවෙන් කුඩා දරුවන් ඇතුලු මියගිය පිරිස 13 කි. පසුගිය මස 21 වන දා සිට 30 වන දා දක්වා කාලය තුළ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති වෛරස් උණ රෝගීන් සංඛ්‍යාව 1068 ක් වේ. මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 744 දෙනෙකු වාර්තා විය. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පමණක් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 500 ක් පමණ වනු ඇති.