ජල සේවක වැඩ වර්ජනය තව දුරට ත්

ජල සේවක වැඩ වර්ජනය තව දුරට ත්: දිවයින පුරා බිඳ වැටීම්

by Hashini De Mel 04-06-2018 | 8:53 PM

COLOMBO (News 1st) - වැටුප් විෂමතාවක් මුල් කරගනිමින් ආරම්භ කළ සිය වැඩ වර්ජනය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජල සැපයුමට හා නඩත්තු කටයුතුවලට බාධා මතුව තිබේ.

ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සියලු සේවකයින් දින 8 තිස්සේ අකුරට වැඩ කිරීම හේතුවෙන් දිවයිනේ බොහො ජල පාරිභෝගික ජනතාව ගැටලු රැසකට මුහුණදී සිටි. මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට හේතු වූයේ කුමක් ද යන කරුණු අද වෘත්තය සමිති පැහැදිලි කර ඇත. ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු, උපාලි රත්නායක,
මැයි 28 වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළා. කිසිම සවන්දීමක් සිද්ධ වෙලා නැහැ. අපිට මීට පෙර වැටුප් වැඩිවීමක් සිද්ධ වුනේ 2015 ජනවාරි 2018 ජනවාරි සිට නව වැටුප් වැඩිවීම ලැබිය යුතුව තිබුණා. ඒ වැඩුප් වැඩි විමේ ප්‍රමාදයක් ඇති වුණා. ඒ අනුව අපි 2018 පෙබරවාරි මාසයේදී වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදු කළා. අපිට එක් වුණා. ලිඛිතව මුලික වැටුප 15% ක වැඩි කිරීමට මේ ලිඛිත ඒකඟතාවය තවම ක්‍රියාත්මක වුනේ නැහැ. ඒ නිසා දැන් ජනතාව පීඩාවට පත් වෙනවා නම් ඒකේ වගකීම සම්පුර්ණයෙන්ම පාලකියින් විසින් භාරගත යුතුයි.
ජලසම්පාදන හා නගර සැලසුම් අමාත්‍ය, රවුෆ් හකීම්,
මම මේ අමාත්‍යංශය භාර ගත්තට පස්සේ දැනට දැන් වෙනකොට මෑතකදිත් 20% ක් වැඩි කළා. 25 ක් ඉල්ලුවා. 23 ක් හරි ලබා දෙන්න කියලා කිව්වා. ඊට පෙර ආණ්ඩුව ගත්ත ගමන් 30% ක් දුන්නා. එතකොට 50% ක් අවුරුදු 3 ක් තිස්සේ ඒක තවත් තුනක් වැඩි කරන්න කියලා තමයි මේ වැඩ වර්ජනය කරන්නේ.
මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් කැඩී ගිය ජල නල නඩත්තු නොකර ඇති බව වාර්තා වේ. දෙව්නුවර හා බත්තරමුල්ල ප්‍රදේශවල අද ජලය අපතේ ගොස් තිබේ.