by Sagarika Chathumali 04-06-2018 | 6:51 AM
COLOMBO (news 1st): ලිඳුල, තලවාකැලේ නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
තලවාකැලේ, ලිඳුල නගර සභාවේ සභාපති අශෝක සේපාල, එම නගර සභාවේ නාගරික මන්ත්රීවරයෙකු වූ ඉෂාර අනුරුද්ධ මංචනායක යන මහත්වරුන් සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගනු ලැබුවේ ඊයේ පස්වරුවේයි.
ඒ, 2017 වර්ෂයේදී පෝර්ට්මෝර් වත්ත, ආගරපතන ප්රදේශයේදී පදිංචිව සිටි 5 හැවිරිදි දැරියක් පැහැර ගෙන ගොස් මුදලට අලෙවි කිරීම සම්බන්ධයෙනි.
ඒ සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලීසිය සඳහන් කළේ ය.