කිරි ගොවීන්ට සහන ණය පහසුකම්

කිරි ගොවීන්ට සහන ණය පහසුකම්

by Staff writer 04-06-2018 | 4:30 PM

COLOMBO (News 1st) - තරුණ කිරි ගොවි ව්‍යවසායකයින් සඳහා සහන ණය පහසුකම් ලබාදීමට රජය තීරණය කර තිබේ.

රජයේ පුවත් වෙබ් අඩවිය සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින්, ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ මෙම වැඩසටහන ආරම්භ කර ඇති බවයි. මෙම ව්‍යාපෘතියේ පළමු පියවර යටතේ මධ්‍යම පළාතේ වයස අවුරුදු 40ට අඩු ව්‍යවසායකයින් 100 දෙනෙකු බඳවා ගැනීමට නියමිත බව ද රජයේ පුවත් වෙබ් අඩවිය සඳහන් කළේ ය.