නියෝජ්‍ය ඇමති රංජන්ට වැඩ වරදින ලකුණු

නියෝජ්‍ය ඇමති රංජන්ට වැඩ වරදින ලකුණු

නියෝජ්‍ය ඇමති රංජන්ට වැඩ වරදින ලකුණු

කර්තෘ Sagarika Chathumali

04 Jun, 2018 | 1:27 pm

COLOMBO (News 1st) : මෙරට අධිකරණ විනිසුරුවරුන් හා නිතීඥවරුන්ගෙන් බහුතරයක් දූෂිත බවට නි. රන්ජන් රාමනායක මහතා කර ඇති ප්‍රකාශය පිරික්සීමේදී එමගින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බව බැලූ බැල්මට පෙනී යන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.

අද මෙම නඩුව කැඳවනු ලැබුවේ ඊවා වනසුන්දර සහ එල්.ටී.බී.දෙහිදෙණිය යන විනිසුරු මඩුල්ල හමුවේයි.

මෙහිදී වග උත්තරකාර පාශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ලිඛිත දේශන ගොනුකරමින් අධිකරණයට පෙන්වා දුන්නේ, මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල තවදුරටත් පවත්වා ගෙන යා නොහැකි බවයි.

නඩුව ලබන 18 වන දා තෙක් කල් තැබිණ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]