හෂාන් අ.වු 19 න් පහළ ප්‍රධාන පුහුණුකරු තනතුරට

හෂාන් අ.වු 19 න් පහළ ප්‍රධාන පුහුණුකරු තනතුරට

by Hashini De Mel 03-06-2018 | 5:51 PM

COLOMBO (News 1st) - හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හෂාන් තිලකරත්න මහතා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද සවස ප්‍රකාශ කළේ, හෂාන් තිලකරත්න මහතා මීළඟ වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා එම තනතුරේ කටයුතු කරන බවයි. හෂාන් තිලකරත්න මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස මීට පෙර කටයුතු කළේ ය. ටෙස්ට් තරග 83 කදී සහ එක්දින ජාත්‍යන්තර තරග 200 කදී ශ්‍රී ලංකාවට සිය දායකත්වය ලබා දුන් හෂාන් තිලකරත්න මහතා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි 4 කදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර තිබේ.