"වසර අවසන් වීමට පෙර පළාත් සභා මැතිවරණය පවත්වනවා"

"වසර අවසන් වීමට පෙර පළාත් සභා මැතිවරණය පවත්වනවා" - ජනපති

by Hashini De Mel 03-06-2018 | 4:49 PM

COLOMBO (News 1st) - මේ වසර අවසන් වීමට පෙර පළාත් සභා මැතිවරණය පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක හා සමස්ත ලංකා කාරක සභාවේදී ප්‍රකාශ කර තිබේ.

නිව්ස්ෆස්ට් කළ විමසීමකදී පක්ෂ භාණ්ඩාගාරික එස්. බී. දිසානායක මහතා ඒ බව අනාවරණ කළේ ය. ඒ අනුව මැතිවරණය පැවැත්වීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹ නොමැති බව ද ඔහු ප්‍රකාශ කර ඇත.