රට තුළ කාසි හිඟයක් නොමැති බව මහ බැංකුව කියයි

රට තුළ කාසි හිඟයක් නොමැති බව මහ බැංකුව කියයි

by Hashini De Mel 03-06-2018 | 4:28 PM

COLOMBO (News 1st) - රට තුළ කාසි හිඟයක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරි දීපා සෙනවිරත්න මහත්මිය පැවසුවේ, කාසි අවශ්‍ය ඕනෑම අවස්ථාවක වාණිජ බැංකු මගින් ලබා ගැනීමට ජනතාවට අවස්ථාව පවතින බවයි. රටට අවශ්‍ය කාසි මහ බැංකුව සතුව ඇති බව ද ඇය ප්‍රකාශ කළා ය.