යාත්‍රා කරමින් තිබූ නැවේ බඩු මහ මුහුදේ පාවෙයි

යාත්‍රා කරමින් තිබූ නැවේ බඩු මහ මුහුදේ පාවෙයි

by Sagarika Chathumali 03-06-2018 | 9:40 PM
ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වෙල්ස් වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ යාත්‍රා කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකින් බහාලුම් 83ක් මුහුදට වැටී තිබේ. ඕස්ට්‍රේලියා සමුද්‍රීය බලධාරීන් පවසන්නේ, බහාලුම්වලින් මුහුදට වැටුණු සනීපාරක්ෂ උපකරණ, ශල්‍යකර්ම ආවරණ සහ නැපීස් උතුරු සිඩ්නිහි මුහුදු වෙරළවලට ගොඩ ගසා ඇති බවයි. කෙසේ වෙතත් තල්මසුන් ඇතුළු මුහුදු සත්ත්වයින් මෙම සනීපාරක්ෂක ද්‍රව්‍ය ගිල දැමුව හොත් එය සත්ත්වයින්ගේ පැවැත්මට බරපතළ හානියනක් වනු ඇති බව පැවසේ. තායිවානයට අයත් නෞකාවකින් ප්‍රවාහනය කරමින් තිබූ බහලුම් තොගයක් මෙලෙස මුහුදට වැටී ඇති අතර හානි වීමෙන් පසු විවෘත වූ බහාලුම් නැවෙන් ඉවතට එල්ලෙමින් ඇති ආකාරය දිස්වෙන දර්ශන පෙළක් විදෙස් මාධ්‍ය පළ කර තිබේ. https://www.youtube.com/watch?v=rgt2PJAbetY මේ අතර ඔස්ට්‍රේලියානු සමුද්‍රීය බලධාරීන් දැනුම් දී ඇත්තේ, නෞකාවෙන් මුහුදට වැටුණු බහාලුම් හේතුවෙන් බෝට්ටු සහ වෙළෙඳ නෞකාවල ගමනාගමනයට බාධා ඇති වනු ඇති බවටයි.