විගණන කෙටුම්පතට බාලගිරි...

බාලගිරි වැළඳුණු විගණන පනත් කෙටුම්පත් විවාදය

by Sagarika Chathumali 03-06-2018 | 9:01 PM

COLOMBO (News 1st) : ජාතික විගණන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය තවදුරටත් කල් දැමීම සම්බන්ධයෙන් විගණන සේවා සංගමය අප්‍රසාදය පළ කරයි.

එහි සභාපති කේ. එන්. එම්. කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේ, දිගින් දිගට ම සංශෝධන සිදුකිරිමට ඇති බව පවසමින්, පනත විවාදයට ගැනීම ප්‍රමාද කිරිමේ සැලැස්මක් ක්‍රියාත්මක බවයි. යහ පාලන රජයේ ප්‍රමුඛ මැතිවරණ පොරොන්දුවක් වූ විගණන පනත එම රජයේ පළමු දින 100 තුළ සම්මත කිරීමට යෝජනා කර තිබිණ. 2015 මැයි මස 15 වන දින සම්මත වූ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිට වූ කොමිෂන් සභා අතරට විගණන කොමිසම ද ඇතුළත් වූ අතර එම කොමිසම සඳහා සමාජිකයින් පවා පත් කෙරිණ. අවස් කිහිපයකදී සංශෝධනයට ලක්වූ ජාතික විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ද ඊට අදාළ විවාදය පැවැත්වීමට හැකිවී නොමැත. විගණන සේවා සංගමයේ සභාපති කේ. එන්. එම්. කුමාරසිංහ පැවසුවේ, පනත නොමැති වීමෙන්  විගණන කොමිසමට කිසිවක් කර ගත නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි. "කඩවුණු පොරොන්දුවක්. විගණන කොමිසම පත් කරලා දැන් මාස ගණනක් වෙනවා. එක අකුරක් ලියාගන්න බෑ.හේතුව මොකද්ද මේ පනත නැති එක. පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ දින නියම වෙලා තිබ්බ එක. අග්‍රාමාත්‍යවරයා ඔහු විසින් මේක සෘජුව මැදිහත් වෙලා කල් දැම්මා කියලා අප සංගමයට වාර්තා වෙලා තියනවා" විගණාකාධිපති ගාමිණි විජේසිංහ පැවසුවේ, විවිධ හේතු මත විගණන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය කල් යමින් පවතින බවයි. "විගණන පනතට අදාළ බිල්පත 2018 මාර්තු මාසේ 16 වන දින ගැසට් කරනු ලැබුවා. නමුත් අද මැය මාසේ මුල් සතිය වෙලකත් කල් යමින් තමයි පවතින්නේ. එක සංවිධානයක් පමණක් සුප්‍රියම් කෝට් එකට විරෝධතාවයක් ගෙනාවා මේකේ යම් යම් දේවල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි කියලා නමුත් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයත් දැනුම් දීලා ඒ සම්බන්ධයෙන් පයහැනිතාවයක් නොමැති බවට කතානායකතුමා ප්‍රකාශකලා. පසු ගිය 24 වෙනිදා මේක පාර්ලිමේන්තුවෙදී සාකච්ඡාවට ගන්න කියලා ටයිම් ටේබල් එකට පවා ඇතුලත් කරලා තිබුණා. ඒක ආයිත් කල් දැම්මා. දැන් මේ මාසේ 3, 4 , 5, නැවත ගන්නවා කියලා කතාව තිබුණා. නමුත් දැන් ආරන්චිය ඒක කෙරනේනෙත් නෑ. නැවත ආයිත් මේ මාසේ අන්තිම කෙරෙයි කියලා කතාවක් තියනවා. ඉතිං මේක කොහෙන් කෙලවර වෙයි ද කියලා අපිට අවබෝධයකුත් නෑ" https://www.youtube.com/watch?v=vskskWJFXQ4