තල්මස් උදරයෙන් ප්ලාස්ටික් බෑග් 80ක් ඉවතට

තල්මස් උදරයෙන් ප්ලාස්ටික් බෑග් 80ක් ඉවතට

by Sagarika Chathumali 03-06-2018 | 5:44 PM

දකුණු තායිලන්තයට ඔබ්බෙන් වූ මුහුදේදී ප්ලාස්ටික් බෑග් 80ක් ගිලී දැමූ තල්මසෙකු මිය ගොස් තිබේ.

තායිලන්ත සමුද්‍රීය බලධාරීන් පවසන්නේ, ඇළ මාර්ගයකට දමා ඔහු බේරා ගැනීමට තැත් කරද්දී තල්මසා ඉන් බෑග් 5 වමනය කර ඇති බවයි. සමුද්‍රීය විමර්ශන නිලධාරීන් පවසන්නේ, කිලෝ ග්‍රෑම් 8ක් පමණ බරැති මෙම ප්ලාස්ටික් බෑග් ගිල දැමීම හේතුවෙන් ආහාර ගැනීමට අපහසුවීම තුළ තල්මසා මිය යන්නට ඇති බවයි. මේ අතර පසුගිය දා වාර්තාවකින් හෙළිදරව් කෙරුණේ, ප්ලාස්ටික් භාවිතය අවම නොකළ හොත් දශකයක් ඇතුළත මුහුදේ ප්ලාස්ටික් ප්‍රමාණය තුන් ගුණයකින් ඉහළ යා හැකි බවයි. තායිලන්තය විශාල වශයෙන් ප්ලාස්ටික් බෑග් භාවිත කරන රටවල් අතර ප්‍රධානතම රටකි. කෙසේ වෙතත් පසුගිය දා තායිලන්ත රජය නිවේදනය කළේ, ප්ල්ස්ටික්වලින් නිෂ්පාදිත භාණ්ඩ මත බදු පැනවීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවයි. ප්ලාස්ටික් ආහාරයට ගැනීම හේතුවෙන් වාර්ෂිකව මුහුදු ජීවින් විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වන බව පැවසේ.