කටුනායක ගුවන් ගමන් වේලාවන්වල අද සංශෝධනයක්

කටුනායක ගුවන් ගමන් වේලාවන්වල අද සංශෝධනයක්

by Staff writer 03-06-2018 | 6:31 AM
COLOMBO (News 1st) - කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පිටත් වන හා ළඟා වන ගුවන් ගමන් වේලාවන් අද දිනයේ සංශෝධනය කර තිබේ. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවසුවේ, ඉන්දීය සාගරය ආශ්‍රිතව සිදුවන අත්හදා බැලීමක් මෙම ගුවන් ගමන් වේලාවන් සංශෝධනයට හේතු වී ඇති බව ය. මේ යටතේ කොළඹ සිට ක්වාලාලම්පූර්, සිංගප්පූරුව සහ බැංකොක් බලා පියාසර කරන ගුවන් ගමන් 11ක පමණ පිටත් වන සහ ළඟා වන වේලාවන් සංශෝධනය කර ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කළේ ය. ඒ පිළිබඳ වැඩි විස්තර සඳහා 1979 අමතන ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය ගුවන් මගීන්ට දැනුම් දෙයි.