හෙට දිනයේ කටුනායක ගුවන් ගමන් වේලාවෙන් සංශෝධනය කෙරේ

හෙට දිනයේ කටුනායක ගුවන් ගමන් වේලාවෙන් සංශෝධනය කෙරේ

by Chathuranga Rajapaksha 02-06-2018 | 1:44 PM

COLOMBO (News 1st) - හෙට දිනයේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටත්ව යන හා ළඟාවන ගුවන් ගමන් වේලාවන් සංශෝධනය කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් මාධ්‍ය ප්‍රකාශක, දීපාල් පෙරේරා මහතා පැවසුවේ ඉන්දීය සාගරය ආශ්‍රිතව සිදුවන අත්හදා බැලීමක් හේතුවෙන් එලෙස හෙට දිනයේ ගුවන් ගමන් වේලාවන් සංශෝධනය කර ඇති බව ය. මේ යටතේ කොළඹ සිට ක්වාලාලම්පුර්, සිංගප්පුරුව, බැංකොක්, බලා පියාසර කරන ගුවන් ගමන් 11 ක් පමණ පිටත්වන සහ ළඟාවන වේලාවන් සංශෝධනය කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළේය. ඒ පිළිබඳ වැඩි විස්තර සඳහා 1979 අමතන ලෙස ශ්‍රි ලංකන් ගුවන් සේවය ගුවන් මගින්ට දැනුම් දෙන්නේය.