රු. 69 ලක්ෂයක රත්‍රං සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් 69 ලක්ෂයක රත්‍රං සමග ඩුබායි සිට පැමිණි පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට

by Chathuranga Rajapaksha 02-06-2018 | 3:44 PM
COLOMBO (News 1st) - රුපියල් හැට නව ලක්ෂ හැට දහසක් වටිනා වටිනා රත්‍රං තොගයක් සමග ඩුබායි සිට පැමිණි පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ, ඔහු සන්තකයේ තිබී රත්‍රං බිස්කට් 10 ක් සොයා ගත් බව ය. එහි බර කිලෝ ග්‍රෑම් 01 කි . ශරීරය තුළ සූක්ෂම ලෙස සඟවා ඔහු එම රත්‍රන් මෙරටට රැගෙනවිත් තිබේ. සැකකරු 40 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. මේ අතර නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් සමග චීන ජාතික කාන්තාවන් දෙදෙනෙකු අද උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ ‍ඔවුන් සන්තකයේ තිබී දුම්වැටි 40,000 ක් සොයා ගත් බව ය. එහි වටිනාකම රුපියල් ලක්ෂ 20කි. ‍ඔවුන් දෙදෙනා මේ වන විට මුදා හැර ඇති බව ද සුනිල් ජයරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේ ය.