මී උණ පැතිර යාමේ අවදානම ඉහළට

මී උණ පැතිර යාමේ අවදානම ඉහළට

by Chathuranga Rajapaksha 02-06-2018 | 7:15 AM

COLOMBO (News 1st) - ගංවතුර පැවැති ප්‍රදේශවල මී උණ පැතිර යාමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, වසංගත රෝග විද්‍යාඥ පබා පලිහවඩන මහත්මිය පැවසුවේ මඩ සහිත ජලයේ මී උණ රෝග කාරකය පවතින බව ය. ගංවතුර පැවැති ප්‍රදේශවල මඩ සහිත ස්ථානවලට යාමේදී තුවාල සහිත පුද්ගලයින් සැළකිලිමත් වන ලෙස ද ඇය ජනතාවට පවසයි. රෝගය වැළඳීම වැලැක්වීම සඳහා මී උණ පාලන ඖෂධ ලබා ගන්නා ලෙස ද වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය ජනතාවට උපදෙස් දෙමින් පවසන්නීය. වසරේ ගතවූ කාලය තුල මී උණ රෝගීන් දහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කළේය.