by Chathuranga Rajapaksha 02-06-2018 | 2:39 PM
COLOMBO (News 1st) - කොස්ගම, වැරැල්ලමණ්ඩිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කර තිබේ.
පොලීසිය පැවසුවේ 34 හා 78 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු එලෙස ඝාතනයට කර ඇති බව ය.
ඝාතනයට ලක්වූ 34 හැවිරිදි කාන්තාව දින 15 ක් වයසැති බිළිදෙකුගේ මවකි.
අදාළ කාන්තාවන් දෙදෙනා ඥාතීන් වන අතර ඔවුන් නිවසේ රැඳී සිටියදී ඝාතනයට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.
මුදල් ආරවුලක් මත මෙම ඝාතන සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.
පොලීසිය පැවසුවේ සැකකරු, ඝාතනයට ලක්වූ කාන්තාවන්ගේ ඥාතීන් වන අතර ඔහු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව ය.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කළේය.