කළු ගඟේ මෝයකට ආරක්ෂා කිරීමට කෘතිම වැලි පරයක්

කළු ගඟේ මෝයකට ආරක්ෂා කිරීමට කෘතිම වැලි පරයක්

by Chathuranga Rajapaksha 02-06-2018 | 8:44 AM

COLOMBO (News 1st) - උග්‍ර මුහුදු ඛාදනයකට ලක්ව ඇති කළුතර, කළු ගගේ මෝය කට ආරක්ෂා කිරිම සඳහා කෘතිම වැලි පරයක් ඉදිකිරිමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකිර්ති මහතා සඳහන් කළේ, කළු ගඟේ මෝය කට ආරක්ෂා වීම සඳහා ස්වභාවිකව විනාශ වූ වැලි පරය විනාශ වීමෙන් මෙම තීරණය ගත් බව ය. පසුගිය මාස කිහිපයේ සිදුවු උග්‍ර මුහුදු ඛාදනය හේතුවෙන් මෙම වැලි පරය සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව ඇති අතර රට තුලට මුහුදු රළ වේගයෙන් ඇදී ඒම හේතුවෙන් ඒ ආශ්‍රිතව වෙරළ බඩ ප්‍රදේශවලට දැඩි බලපෑම් එල්ල වී තිබේ. එම බලපෑම් අවම කිරිම සඳහා මේ වනවිට කැලිඩෝ වෙරළ ඇතුළු ප්‍රදේශ කිහිපයක ගල්වැටි අතුරා ඇති බව ද ඔහු සඳහන් කළේය. අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ, කෘතිම වැලි පරය ඉදිකිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව ය. මේ අතර කළු ගඟේ මෝයකට මුහුදු ඛාදනයට ලක්වීම පිළිබඳව විදේශීය විශේෂඥයින්ගෙන් උපදෙස් ලබාගත් බව ද ඔහු පවසයි.