ගංවතුරින් අවතැන්වූවන් 1,853 දෙනෙකු කඳවුරුවල

අදත් ප්‍රදේශ රැසකට වැසි: ගංවතුරින් අවතැන්වූවන් 1,853 දෙනෙකු තව දුරට ත් කඳවුරුවල

by Chathuranga Rajapaksha 02-06-2018 | 7:02 AM

COLOMBO (News 1st) - දිවයිනේ ප්‍රදේශ රැසකට අද මිලිමීටර් 75 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින වටා මුහුදේ සුළං වේගය ඉහළ යා හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව විමසිලිමත් වන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේය. මේ අතර ගංවතුර පහව ගිය ද ආරක්ෂිත ස්ථාන 32 ක තව දුරටත් පුද්ගලයින් 1,853 දෙනෙකු රඳවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය පැවසුවේ පවුල් 540 කට අයත් පුද්ගලයින් ඒ අතර වන බව ය. පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 28 දෙනෙකු මියගොස් තවත් 24 දෙනෙකු තුවාල ලැබිණි. නිවාස 157 ක් සම්පුර්ණයෙන්ම විනාශ වූ අතර අර්ධ හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 7,642කි. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 33,274 කට අයත් පුද්ගලයින් 125,537 දෙනෙකු පීඩාවට පත්විය.