නාය යාමේ අධි අවදානම් කලාපවල නිවාස 6,000ක්

නාය යාමේ අධි අවදානම් කලාපවල නිවාස 6,000ක්

නාය යාමේ අධි අවදානම් කලාපවල නිවාස 6,000ක්

කර්තෘ Chathuranga Rajapaksha

02 Jun, 2018 | 11:15 am

COLOMBO (News 1st) – නාය යාමේ අධි අවදානම් කලාපවල නිවාස 6,000කට ආසන්න සංඛ්‍යාවක් පිහිටා ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි නායයාම් අධ්‍යයන හා අවදානම් කළමනාකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිස්ස මහතා පැවසුවේ එම නිවාසවල දිවි ගෙවන පුද්ගයින් සුරක්ෂිත ස්ථානවල පදිංචි කිරිමේ වැඩපිළිවෙළ මේ වනවිට ආරම්භ කර ඇති බව ය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ අධි අවදානම් කලාපවල ජීවත්වන පවුල් 1500 ක් පමණ සුරක්ෂිත ස්ථානවල පදිංචි කරවිම ආරම්භ කර ඇතැයි ඔහු සඳහන් කළේය.

මේ අතර ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් සිසිර කුමාර මහතා පැවසුවේ අධි අවදානම් කලාපවල ජීවත්වන පවුල් දස දහසක් සඳහා නිවාස ඉදි කිරීමට රජය පියවර ගෙන ඇති බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]