ස්පාඤ්ඤ අගමැතිට ධුරය අහිමි වෙයි

මුල්‍ය චෝදනා මත ගෙන ආ විශ්වාසභංගයෙන් පරාජය වූ ස්පාඤ්ඤ අගමැතිට ධුරය අහිමි වෙයි

by Chathuranga Rajapaksha 01-06-2018 | 6:39 PM

(News 1st) - ස්පාඤ්ඤ අගමැති මරියානෝ රනෝයිට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවෙන් ඔහු පරාජයට පත් වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 350 ක් වූ ස්පාඤ්ඤ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් 180 දෙනෙකු ඔහුට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති බව ය. එරට පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව විශ්වාසභංගයක් ජයග්‍රහණය කිරිමට නම් ජන්ද 176 ක බහුතරයක් ලබාගත යුතු වේ. ඔහු නායකත්වය දරන ජනතා පක්ෂයේ නිලධාරින් 29 දෙනෙකු පසුගිය සතියේදි ඩොලර් දහස් ගණනක මූල්‍ය වංචාවකට වරදකරුවන් බව එරට අධිකරණය තීන්දු කළේ, සිද්ධිය සම්බන්ධ නඩුවේ තින්දුව ප්‍රකාශයට පත් කරමිනි.