මීයන්ගේ පිළිකා ඉවත් කිරීමට එන්නතක්

මීයන්ගේ පිළිකා ඉවත් කිරීමට එන්නතක්

by Chathuranga Rajapaksha 01-06-2018 | 7:08 PM

(News 1st) - ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබා දීම මගින් මීයන්ගේ පිළිකා ඉවත් කිරීමේ ක්‍රමවේදයක් අමෙරිකාවේ, ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාල පර්යේෂකයින් කණ්ඩායමක් විසින් සොයාගනු ලැබ තිබේ.

ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් විසින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරන ද්‍රව්‍ය 2ක් යොදා ගැනීම තුළින් මෙම ප්‍රතිකාර ක්‍රමය දියුණු කර ඇත. මෙම පර්යේෂණය මීයන් 90 කට පමණ යොදවාගෙන ඇති අතර ඉන් මියන් 87 දෙනකුගේ පිළිකා සාර්ථක ලෙස ඉවත් කර තිබේ. ඉදිරියේදී මෙය තව දුරටත් දියුණු කිරීමට බලාපොරොත්තුවන බව පර්යේෂකයින් කණ්ඩායම පවසයි.