බැසිල්ට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය කල් යයි

බැසිල් රාජපක්ෂට එරෙහි දිවි නැගුම නඩුවේ සාක්ෂි විභාගය කල් දැමේ

by Chathuranga Rajapaksha 01-06-2018 | 4:39 PM

COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 06 වැනිදා දක්වා කල් තැබුණි.

ඒ, අදාළ නඩුව අද කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ය. මෙම නඩුව පවරා ඇත්තේ පසුගිය ජනාධිපතිවරණ සමයේදි දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන දෙදහස් නවසිය අනූ එකක් වැය කර සෙවිලි තහඩු බෙදා දිමේ සිද්ධියක් සම්බන්ධයෙනි.