ජනපති ලේකම් නීතිපති උපදෙස් පතයි

බැඳුම්කර වාර්තාවේ හෙළි නොකළ ලේඛන ප්‍රසිද්ධ කිරීමේ හැකියාව පිළිබඳ ජනපති ලේකම් නීතිපති උපදෙස් පතයි

by Chathuranga Rajapaksha 01-06-2018 | 6:50 PM

COLOMBO (News 1st) - බැඳුම්කර ගනුදෙනු විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් වාර්තාවේ සියලු ලේඛන ප්‍රසිද්ධ කිරීමේ හැකියාව පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇතැයි ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පවසයි.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනවලදී හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධ සමාගමක් හරහා මුදල් ලබාගෙන ඇති බව පසුගියදා අනාවරණය විය. පසුව මන්ත්‍රීවරයා කියා සිටියේ තවත් 118 දෙනෙක් මෙලෙස වරප්‍රසාද ලබාගෙන ඇති බව ය. අදාළ පුද්ගලයින්ගේ නම් ජනාධිපති කොමිසමේ ප්‍රසිද්ධ නොකළ ලේඛන අතර ඇති බව මෙම ප්‍රකාශයත් සමග සිවිල් සංවිධාන ඇතුළු විවිධ කණ්ඩායම් ප්‍රකාශ කළේය.