ගින්නකින් නිවිතගල තේ කම්හලක් විනාශ වෙයි

ගින්නකින් නිවිතගල තේ කම්හලක් විනාශ වෙයි

by Chathuranga Rajapaksha 01-06-2018 | 10:35 PM
COLOMBO (News 1st) - නිවිතගල, වේවැල්කඳුර ප්‍රදේශයේ වතුයායක පිහිටි තේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අද පස්වරුවේ හටගත් ගින්නෙන් දෙමහල් තේ කම්හල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව ය. රත්නපුර නගර සභාවේ ගිනි නීවීම් අංශ, ප්‍රදේශවාසීන් හා පොලීසිය මැදිහත්ව ගින්න නිවීමට උත්සාහ කළ ද එය අසාර්ථක වූ බව පොලීසිය පවසයි. ගින්නට හේතුව මෙතෙක් අණාවරන වී නොමැත.