Bestweb 2018
Bestweb 2018
තවත් ජනපති කොමිසමක් සාක්ෂි විභාගය අරඹයි

තවත් ජනපති කොමිසමක් සාක්ෂි විභාගය අරඹයි

තවත් ජනපති කොමිසමක් සාක්ෂි විභාගය අරඹයි

04 Jun, 2018 | 9:33 am

COLOMBO (News 1st) : ශ්‍රීලංකන් හා මිහින් ලංකා ගුවන් සේවාවල සහ ශ්‍රීලංකන් කේටරින් සේවයේ සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ පළමු සාක්ෂි විභාගය අද ආරම්භ වේ.

කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා ප්‍රකාශ කළේ, සාක්ෂි විමසීම සඳහා අද උදෑසන 10 ට සමාගම් රෙජිස්ටාර් සහ එහි නිලධාරියෙකු කැඳවා ඇති බවයි.

ශ්‍රීලංකන්, මිහින් ලංකා ගුවන් සේවාවල සහ ශ්‍රීලංකන් කේටරින් සේවයේ සිදුව ඇතැයි, පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් මේ වන විට ලැබී ඇති මහජන පැමිණිලි සංඛ්‍යාව 44 කට අධිකයි.

එම පැමිණිලිවලට අදාළ විමර්ශන කටයුතු සඳහා විශේෂ කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක වේ.

කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා ප්‍රකාශ කළේ, ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන්, විමර්ශන කර වාර්තා ලබා ගැනීමට නියමිත බවයි.

ශ්‍රීලංකන් , මිහින් හා ශ්‍රී ලංකන් කෙටරින් යන ආයතවල සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් පෙබරවාරි 14 වන දා විශේෂ කොමිසමක් පත් කළේ ය.

විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා එම කොමිසමේ සභාපතිත්වය දරයි.

අභියාචනාධිකරණ විනිසුරු ඊ.ඒ.ජී.ආර්. අමරසේකර , විශ්‍රාමලත් මාහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ , විශ්‍රාමලත් විගණකාධිපති ඇම්.ඩී.ඒ. හැරල් යන මහත්වරු සහ ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.ජේ.කේ. ගීගනගේ මෙනවිය එහි සෙසු සමාජිකයෝ වෙති.

කර්තෘ: Sagarika Chathumali