විභාග ගාස්තු හා දඩ පත්‍රිකා ගෙවීමට විකල්ප ක්‍රම

විභාග ගාස්තු හා දඩ පත්‍රිකා ගෙවීමට විකල්ප ක්‍රම

විභාග ගාස්තු හා දඩ පත්‍රිකා ගෙවීමට විකල්ප ක්‍රම

කර්තෘ Staff writer

15 Jun, 2018 | 7:33 am

COLOMBO (News 1st) – සියලු විභාගවලට අදාළ ගෙවීම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් සිදු කිරීමට අවස්ථාව ලබා දී තිබේ.

විභාග කොමසාරිස් ජෙනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, ක්‍රියාත්මක තැපැල් වර්ජනය හේතුවෙන් එම පියවර ගත් බව ය.

මේ දිනවල පැවැත්වෙන විභාගවල ප්‍රවේශ පත්‍ර මෙතෙක් නොලැබුණු අපේක්ෂකයින්ට විභාග සඳහා පෙනී සිටීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇතැයි ද විභාග කොමසාරිස් ජෙනරාල්වරයා පැවසුවේ ය.

මේ අතර රථ වාහන වැරදිවලට අදාළ දඩ මුදල් ද ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ගෙවීමේ අවස්ථාව ලබා දී ඇතැයි පොලීසිය පවසයි.