වායු ගෝලීය කැළඹීම් හා විපර්යාස අධ්‍යයනයට අමෙරිකානු විශේෂඥයින් පිරිසක් දිවයිනට

වායු ගෝලීය කැළඹීම් හා විපර්යාස අධ්‍යයනයට අමෙරිකානු විශේෂඥයින් පිරිසක් දිවයිනට

වායු ගෝලීය කැළඹීම් හා විපර්යාස අධ්‍යයනයට අමෙරිකානු විශේෂඥයින් පිරිසක් දිවයිනට

කර්තෘ Staff writer

16 Jun, 2018 | 7:05 am

COLOMBO (News 1st) – මෙරට ඉහළ අහසේ සිදුවන වායු ගෝලීය කැළඹීම් හා විපර්යාස පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා අමෙරිකානු විශේෂඥයින් පිරිසක් ඊයේ දිවයිනට පැමිණියේය.

ඔවුන් පැමිණියේ අමෙරිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ පර්යේෂණ උපකරණ සහිත ගුවන් යානයකිනි.

ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය එක්ව සිදුකරන අධ්‍යයනයට එක්වීම සඳහා මෙම අමෙරිකානු ගුවන් හමුදාවට අයත් හරිකේන් හන්ටර්ස් බල ඇණිය දිවයිනට පැමිණ තිබේ.

සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ, කාලගුණ විපර්යාස පිළිබඳ විශේෂඥයින් පිරිසක් මෙම යානයෙන් දිවයිනට පැමිණි බවයි.

නාරා ආයතනයේ ව්‍යාපෘතියක් සඳහා මොවුන් මෙලෙස පැමිණ තිබේ.

පර්යේෂණ කටයුතු සඳහා ශ්‍රී ලාංකික විශේෂඥයින් පිරිසක් ද අයත්.

මේ දිවයිනට පැමිණීමෙන් අනතුරුව නිව්ස්ෆස්ට් වෙත අදහස් දැක්වූ ශ්‍රී ලාංකික විද්‍යාඥ, මහාචාර්ය හරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා.

 

මහාචාර්ය හරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ මෙම පර්යේෂණ හරහා ලබාගන්නා දත්ත ඔස්සේ ස්වභාවික ආපදා අවම කර ගැනීමේ අවස්ථාව හිමිවන බව ය.

 

අමෙරිකානු විශේෂඥයින් පිරිසක් දිවයිනට

මෙරට ඉහළ අහසේ සිදුවන වායු ගෝලීය කැළඹීම් හා විපර්යාස පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා අමෙරිකානු විශේෂඥයින් පිරිසක් දිවයිනට

Posted by Newsfirst.lk on Friday, June 15, 2018