Bestweb 2018
Bestweb 2018
මෙරට සිටි චීන ජාතිකයින් 16 දෙනෙකු පිටුවහල් කෙරේ

මෙරට සිටි චීන ජාතිකයින් 16 දෙනෙකු පිටුවහල් කෙරේ

මෙරට සිටි චීන ජාතිකයින් 16 දෙනෙකු පිටුවහල් කෙරේ

14 Jun, 2018 | 11:28 am

COLOMBO (News 1st) – නීති විරෝධීව මෙරට රැඳී සිටි චීන ජාතිකයින් 16 දෙනෙකු අද පිටුවහල් කර තිබේ.

ආගමන විගමන පාලක චමින්ද හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, චීන ජාතිකයින් 26 දෙනෙකු කොම්පඤ්ඤ වීදිය, ජස්ටිස් අක්බාර් වීදියේදී පෙරේදා අත්අඩංගුවට ගත් බවයි.

ඉන් 10 දෙනෙකු රටින් පිටුවහල් කර ඇත.

වලංගු වීසා නොමැතිව රැඳී සිටින විදේශීකයින් සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම්, දැනුම් දෙන ලෙස ද ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව 1962 දුරකතන අංකය ඇමතීමෙන් අදාළ තොරතුරු ලබා දිය හැකියි.

කර්තෘ: Staff writer