චන්දිමාල්ගේ තරග තහනමට එරෙහිව අභියාචනය විභාග කිරීම අද

චන්දිමාල්ගේ තරග තහනමට එරෙහිව අභියාචනය විභාග කිරීම අද

චන්දිමාල්ගේ තරග තහනමට එරෙහිව අභියාචනය විභාග කිරීම අද

කර්තෘ Staff writer

22 Jun, 2018 | 8:53 am

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට නියම කළ තරග තහනමට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යොමු කළ අභියාචනය අද දිනයේදී විභාග කිරීමට නියමිතව තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, තම ආයතන ආචාරධර්ම පද්ධතිය භාර කොමිසමේ සභාපති නීතීඥ මයිකල් බෙලොෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අභියාචනය විභාග කරන බව ය.

කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තරග විනිසුරුවන් හා තරග තීරකවරුන් මෙන් ම ශ්‍රී ලංකා කණ්ඩායමේ පාර්ශව සහභාගී කරවා ගනිමින් මෙම විභාග කිරීම සිදු කරන බව ඔවුන් වැඩිදුරටත් නිවේදනය කරයි.