Bestweb 2018
Bestweb 2018
කොරියාවේ කිසිදු හමුදා අභ්‍යාසයක් මින් පසු සිදු නොකරන බවට පෙන්ටගනය තහවුරු කරයි

කොරියාවේ කිසිදු හමුදා අභ්‍යාසයක් මින් පසු සිදු නොකරන බවට පෙන්ටගනය තහවුරු කරයි

කොරියාවේ කිසිදු හමුදා අභ්‍යාසයක් මින් පසු සිදු නොකරන බවට පෙන්ටගනය තහවුරු කරයි

By Staff writer

13 Jun, 2018 | 9:28 am

COLOMBO (News 1st) – කොරියානු අර්ධ ද්වීපය තුළ කිසිදු හමුදා අභ්‍යාසයක් මින් පසු සිදු නොකරන බවට පෙන්ටගනය යළිත් තහවුරු කර තිබේ.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රමප් අතර ඓතිහාසික හමුව ඊයේ සිංගප්පූරුවේදී පැවැත්විණි.

දෙරටේ නායකයින් පසුව මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, මෙම හමුව ඉතා සාර්ථක වූ බව ය.

මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ එක් සුවිශේෂී කාරණාවක් වූයේ මේ වන විට අමෙරිකාව, කොරියානු අර්ධ ද්වීපය තුළ පවත්වන හමුදා අභ්‍යාසයන් අත්හිටුවන බවට ජනපති ට්‍රම්ප් නිවේදනය කිරීම යි.

ඒ පිළිබඳව අදහස් දක්වමින් පෙන්ටගනය අද නිවේදනය කර ඇත්තේ, අමෙරිකානු ජනාධිපතිවරයා කළ එම නිවේදනය යළිත් තහවුරු කරන බව ය.

මෙය උතුරු කොරියාවට සැලකිය යුතු සහනයක් බවත් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.

මේ අතර උතුරු කොරියානු මාධ්‍ය නිවේදනය කළේ, අමෙරිකාවට පැමිණෙන ලෙසට ජනපති ට්‍රම්ප් කළ ආරාධනය නායක කිම් ජොන් උන් පිළිගෙන ඇති බව ය.

ඊයේ පැවති හමුවේදී අමෙරිකානු ජනපති හට පහසු වේලාවක ප්යොන්ග්යැන් වෙත පැමිණෙන ලෙස ද නායක කිම් ජොන් උන් ආරාධනා කළේ ය.

නායක කිම් ජොන් උන් ඊයේ පැවති හමුවෙන් පසු සිදු කළ ප්‍රථම ප්‍රතිචාරය ලෙස දැක්වෙන්නේ, එකිනෙකාට එරෙහිව පැවැත්වෙන කරදරකාරී සහ සතුරු හමුදා ක්‍රියාකාරකම් වහාම නවතා දැමීමට කටයුතු කළ යුතු බව ය.

දෙරට අතර ප්‍රතිවිරෝධීතාවන් වැළක්වීමට දෙපාර්ශවයම කැපවිය යුතු බවත් එය තවදුරටත් තහවුරු කිරීම සඳහා නීතිමය පියවරයන් ගත යුතු බවත් නායක කිම් ජොන් උන් පවසා ඇති බව විදෙස් වාර්තාහි දැක්වේ.