කොදෙව්හිදී විනය කඩ කළ ජෙෆ්රි වැන්ඩර්සේ වහාම ගෙදර යවයි

කොදෙව්හිදී විනය කඩ කළ ජෙෆ්රි වැන්ඩර්සේ වහාම ගෙදර යවයි

කොදෙව්හිදී විනය කඩ කළ ජෙෆ්රි වැන්ඩර්සේ වහාම ගෙදර යවයි

කර්තෘ Staff writer

24 Jun, 2018 | 7:32 am

COLOMBO (News 1st) – වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ කොදෙව් – ශ්‍රී ලංකා තෙවන ටෙස්ට් තරගයට පෙර නැවත ශ්‍රී ලංකාවට ඒවා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනය කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිවිසුමේ තිබූ විනය කරුණු කඩ කිරීම හේතුවෙන් ඔහු නැවත ශ්‍රී ලංකාවට එවූ බව ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරීත්වයේ දැනුම්දීම පරිදි, මෙම තීරණය ගත් බව ඔවුන් වැඩි දුරට ත් නිවේදනය කළේය.

ජෙෆ්රි වැන්ඩර්සේ තවමත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා නොමැති අතර ඔහු එක්දින තරග 11කදී සහ පන්දුවාර 20යි 20 තරග 7කදී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.

1990 පෙබරවාරි 05වන දින කොළඹදී උපන් වැන්ඩර්සේ 28 වැනි වියේ පසුවේ.

කොදෙව් – ශ්‍රී ලංකා 3වන ටෙස්ට් තරගය දිවා / රාත්‍රී තරගයක් ලෙස බාර්බඩෝස්හී කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.