Semi Luxury බස් සේවාව ප්‍රවාහනයෙන් ඉවතට

Semi Luxury බස් සේවාව ප්‍රවාහනයෙන් ඉවතට

by Sagarika Chathumali 31-05-2018 | 4:41 PM

COLOMBO (News 1st) : අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව ලබන දෙසැම්බර් 31 වන දායින් පසුව මගී ප්‍රවාහනයෙන් ඉවත් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති එම්.ඒ.පි. හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ, මගීන්ට සිදුවන අපහසුතා පිළිබඳ සලකා එම තීරණය ගත් බවයි. එම බස්රථවල ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් රැගෙනයාම සිදුවන බවට ලැබෙන පැමිණිලි සලකා එම පියවර ගෙන තිබේ. ඔහු පැවසුවේ, අර්ධ සුඛෝපභෝගී බස්රථවල ප්‍රවේශ පත්‍ර ගාස්තුව ද අධික වන නමුත් මගීන්ට ඉන් නිසි පහසුකම් නොලැබෙන බවයි. එම බස්රථ සඳහා සුඛෝපභෝගී හෝ සාමාන්‍ය මගී ප්‍රවාහන බලපත්‍ර ලබාදීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසී ය.