දෙදරු පියෙක් ඝාතනය කළ වරදකරුවන්ට මරණ දඬුවම

15 වසරකට පෙර දෙදරු පියෙක් ඝාතනය කළ වරදකරුවන්ට මරණ දඬුවම

by Hashini De Mel 31-05-2018 | 12:15 PM

COLOMBO (News 1st) - පුද්ගල ඝාතනයකට වරදකරුවන් වූ තිදෙනෙකුට, ගාල්ල මහාධිකරණය අද මරණ දඬුවම නියම කර තිබේ.

ඒ, 2003 වසරේ ජනවාරි මස 13 වන දා තෙලිකඩ, රෙජ්ජිපුරදී පුද්ගලයෙකුට කඩුවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වූ නඩුවක තීන්දුව අද ප්‍රකාශයට පත් කරමිනි. එලෙස ඝාතනය කර ඇත්තේ, 52 හැවිරිදි දෙදරු පියෙකි. මරණ දඬුවම නියම වුවන් අතර එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු ද සිටි. නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා සඳහන් කළේ, පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු වන බවයි.