චමරිගෙන් ගිළිහුණු නායකත්වය ශශිකලාට

ශශිකලා සිරිවර්ධන 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ නායකත්වයට

by Hashini De Mel 31-05-2018 | 10:16 AM

COLOMBO (News 1st) - ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ශශිකලා සිරිවර්ධනට හිමි විය.

ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත් විණි. එහිදී අනාවරණය වූයේ, මෙවර කණ්ඩායමේ නායකත්වය ශශිකලා සිරිවර්ධනට හිමිව ඇති බවයි. කණ්ඩායමේ පුහුණුකරු හේමන්ත දේවප්‍රිය, තේරීම් කමිටු ප්‍රධානි රසාංජලී ද අල්විස් සහ කණ්ඩායම් කළමනාකරු වරුණ වරාගොඩ යන මහත්ම මහත්මීන් ද මෙම මාධ්‍ය හමුවට සහභාගී විණි. ජූනි මස 3 වන දා මලයාසියාවේදී ආරම්භ වන තරගාවලිය 10 වන දා අවසන්වීමට නියමිත වේ. කෙසේ නමුත් සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තු මෙම තරගාවලියට ඇතුළත්ව නොමැත. https://www.youtube.com/watch?v=ezf1_kKK50w