පෑළියගොඩ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවේ

පෑළියගොඩ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවේ

by Sagarika Chathumali 31-05-2018 | 4:49 PM

COLOMBO (News 1st) : අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට රාත්‍රී 7 සිට පැය 12 ක් පෑළියගොඩ ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව පෑලියගොඩ, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා - ඇල, කටුනායක, සීදුව යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති. ඊට අමතරව ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ද ජල සැපයුම අත්හිවනු බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.